info
වටිනම දේ මොකක්ද? "මගේ ජීවිතයේ වටිනම දේ මොකක්ද" කියලා කෙනෙක් ඇහුවොත් මං දෙන උත්තරය මොකක්ද දන්නවද? මගේ මානසික නිදහස....... ඇයි දන්නවද? මං ඒකේ අගය තේරුම් ගත්තු නිසයි. හැමදේම තියෙනවා කියලා දකින මිනිස්සු විඳින දුක් කන්දරාවන් මං දැකලා තියෙනවා. බාහිරව කිසිම දේකින් අඩුවක් නෑ කියලා හිතෙන මිනිස්සුන්ගේ ඇතුලාන්තයේ තියෙන ප්රශ්න මං අහලා තියෙනවා. සෑහෙන යාලුවෝ පිරිවරන් හිටියට ජීවිතේ අඩියක් පස්සට වැටුනම තනි වෙච්ච මිනිස්සු මං ඇසුරු කරලා තියෙනවා. අම්බානෙකට මුදල්, දේපල තිබුනත් සැනසිල්ලේ නිදා ගන්න බැරි වුණ මිනිස්සු මං දැකලා තියෙනවා. උපාධි දෙක තුනක් තියෙන ඒත් හිර ගෙදරක තමන්ගේ හොඳම කාලය ගෙවන මිනිස්සු එක්ක මං කතා කරලා තියෙනවා. අවුරුදු ගණන් ආදරය කරපු මිනිස්සු මූණවත් නොබලා දික්කසාද වෙලා යන හැටි මං බලන් ඉඳලා තියෙනවා. එක පවුලේ අම්මලා, පුතාලා, සහෝදරයෝ දේපල වලට අඩුවක් නැතිව නඩු කියනවා මං දැකලා තියෙනවා. මං මේ ඔක්කොම දේවල් වලින් එක දෙයක් ඉගෙන ගත්තා. මේ ලෝකේ ගොඩක් මිනිස්සුන්ට නැති වෙලා තියෙන්නෙ තමන්ගෙම මානසික නිදහස. ඒ නිසා ජීවිතේ මට වටිනම දේ තමයි මානසික නිදහස. මනසට නිදහසක් නැති තැනක කිසිම සැපක් නෑ. ජීවිතේ මොනවා ලැබුවත් මොනවා ලැබුනා කිවුවත් මනසින් නිදහස් නැති මිනිස්සු ඇත්තටම කිසිවක් ලබා නෑ. ඒ නිසා මං ජීවත් වෙන්නෙම මගේ මානසික නිදහස වෙනුවෙන්. කරන කියන දේවල්, ඇසුරු කරන මිනිස්සු, යන එන තැන්, ජීවිතයේ ගන්න තීරණ, බැඳීම්, වෙන්වීම්, විනෝදාංශයේ ඉඳන් කරන වෘත්තීය දක්වාම සියලු තෝරා ගැනීම් වල මූලික අරමුණ මානසික නිදහසම කරගන්න. ජීවිතේ අංක එක ඔයාගේ මානසික නිදහස කියලා මතක තියා ගන්න. කිසිවෙක්ට වරදක් නොවන තාක් දුරට එය රැකගන්න. #modeling #foryoupage #trending #srilanka #fypシ゚viral #followforfollowback
Duration: 9 sPosted : Fri, 29 Mar 2024 14:28:23Views
13.1KDaily-
Likes
905Daily-
Comments
32Daily-
Shares
7Daily-
ER
7.21%Daily-
Latest