info
සමහර මිනිස්සුන්ව නිතර ආශ්‍රය කරද්දි, ජීවිතේ ගැන අපි හරි පොසිටිව් හැඟීමකින් බලන්න පුරුදු වෙනවා කියලා ඔයාලට දැනිලා තියෙනවද? ඇත්තටම එහෙම වෙන්නෙ කොහොමද? කෙනෙක්ට පුලුවන්ද අපිට දැනෙන වයිබ්ස් වෙනස් කරන්න? අපි ජීවිතේ දිහා බලන විදිය වෙනස් කරන්න? ඔව්..සමහර පවර්ෆුල් මිනිස්සුන්ට පුලුවන් තමන්ගෙ වටපිටාවට දැනෙන දේ පවා වෙනස් කරන්න. තමන්ගෙ එනර්ජි එක, තමන්ගෙ පොසිටිව් වයිබ් එක වටේ ඉන්න මිනිස්සුන්ටත් බෝ කරන්න. අන්න ඒකයි අවංක යාලුවො හම්බුණාම- හොඳ ප්‍රේමවන්තයො මුණ ගැහුණම- ඉරිසියාවක් නැති කෝ වර්කර්ස්ලා හම්බුණාම- සැනසීම අහිමි නොකරන ආයතන ප්‍රධානියො මුණ ගැහුණම, ඔහේ ජීවිත ගෙවපු සමහර මිනිස්සුන්ගෙ ජීවිත අමුතුම දීප්තියකින් බැබළෙන්න පටන් ගන්නෙ. ඒ මිනිස්සු ජීවිතේ ඇතුළෙ සතුටින්, ටික ටික ඉස්සරහට යන්නෙ. අපි නිතර ඇසුරු කරන මිනිස්සුන්ගෙ පොසිටිව් වගේම නෙගටිව් වයිබ්ස් සෑහෙන ඉක්මනින් අපේ ජීවිත ඇතුළට එනවා. එයාලගෙන්, සතුට වගේම කළකිරීමත් ඉක්මනින්ම අපිට බෝ වෙනවා. ඒ නිසයි අපි, ඉරිසියා කරන- කේළම් කියන- අඩුපාඩු දකින මිනිස්සු වෙනුවට, අනිත් මිනිස්සු එක්ක අනවශ්‍ය තරගයක් නැති- තමන්ගෙ පාඩුවෙ ජීවත් වෙන- සතුටින් ජීවිතේ ඉස්සරහට අඩිය තියන මිනිස්සුන්ව වැඩි වැඩියෙන් අපේ වටපිටාවෙ තියාගන්න ඕනි. එහෙම මිනිස්සුන්ව පේන තරමට- එහෙම මිනිස්සුන්ව ආශ්‍රය කරන තරමට, ඒ සැහැල්ලුව- ඒ වයිබ් එක, අපිටත් ඉක්මනින්ම බෝ වෙන හින්දා...! #modeling #foryoupage #trending #srilanka #fypシ゚viral #followforfollowback #girls
Duration: 16 sPosted : Sun, 07 Apr 2024 09:54:03Views
25.4KDaily-
Likes
1.9KDaily-
Comments
56Daily-
Shares
5Daily-
ER
7.89%Daily-
Latest